මාලිගාවත්තේ ‘දහවන මහළට ගෙන ගොස් වෙඩි තිබ්බේ’ පාතාල සාමාජිකයෙක්ට

මාලිගාවත්ත – ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි වැදීමට ලක්ව මේ වනවිට කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබන පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 35 හැවිරිදි අබ්දුල් රවූෆ් නමැති මෙම පුද්ගලයා බරපතල තුවාල ලැබුවා.

එම නිවාස සංකීර්ණයේ පළමුවන මහලේ පදිංචි ඔහු කිසියම් පිරිසක් විසින් 10 වන මහලට කැඳවාගෙන ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු, ඝාතනයට ලක්වූ මාමස්මි සහ දැනට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවට විශ්වාස කෙරෙන බයියා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

2018 වසරේදී ද මොහුට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති නමුත්, එහිදී ඔහුට කිසිදු අනතුරක් සිදුව නැහැ.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ඊයේ රාත්‍රිය වනතුරු පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *