චීන ආධාර මත ආ පාකිස්තානයේ දුම්රිය ව්‍යාපෘතියක් නතර වන ලකුණු

ශක්‍යතා පිරිවැය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් සහ බීජිං අතර එකඟතාවක් නොවීම හේතුවෙන්, පාකිස්තානයේ බොහෝ කතා බහට ලක් වූ ප්‍රධාන මාර්ගයේ (ML-1) දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ, පාකිස්තාන දුම්රිය මාර්ගයේ ML-1 ව්‍යාපෘතිය එරට විශාලතම යෝජිත යටිතල පහසුකම් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර, ජාතික ආර්ථික කවුන්සිලයේ (ECNEC) විධායක කමිටුව විසින් 2020 අගෝස්තු 5 වන දින ඇමරිකානු ඩොලර් බිලියන 6.8068 ක ඇස්තමේන්තුගත පිරිවැයකට අනුමැතිය ලබා දුන් බව වාර්තා පෙන්වා දී තිබේ.

ML-1 ව්‍යාපෘතියේ PC-1 හි පිරිවැය සඳහා චීන පාර්ශ්වය එකඟ නොවන බැවින් එය අතරමඟ නතර වී ඇතැයි දුම්රිය අමාත්‍යාංශය පවසා ඇත.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් දුම්රිය අමාත්‍යවරයාට ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝග කළ බවයි.

පාකිස්තාන (ML-1) දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, මෙසේ අතරමඟ නතර වී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුවේ මූල්‍ය ප්‍රමාදයන් හේතුවෙනි.

පාකිස්තානයේ අලුතින් තේරී පත් වූ ෂෙබාස් ෂරීෆ් රජය විසින් ඒ අනුව බොහෝ දුරට චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝ (CPEC) අධිකාරිය අහෝසි කිරීමට ඉඩ ඇතැයි පැවසේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *