“අලුත් අවුරුදුවලට 11,12,15 රජයේ නිවාඩු දෙන්න” – ඇමතිගේ යෝජනාවෙන් කැබිනට් මණ්ඩලය උණුසුම්

අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන විසින් කරන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී ඊයේ (02) ප්‍රතික්ෂේප වී තිබෙනවා.

එම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රාජිත සේනාරත්න, පාඨලී චමිපික රණවක, යන පිරිද් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් ඊට දැඩි විරෝධය පළ කර ඇති බවයි වාර්තා වුණේ.

අලුත් අවුරුදු නිවාඩු සති අන්තයේ යෙදී ඇති බැවින් ලබන 11,12 සහ 15 යන දිනයන් තුනම රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉල්ලා තිබෙනවා.

ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා ලබන 15 වැනිදා පමණක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව පවසා තිබෙනවා.

ලක්ෂ 16 ක් වන රජයේ සේවකයින්ට පිට පිට දින දෙකක් රජයේ නිවාඩු දීමෙන් රට ගෙනියන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා විමසා ඇති බවද පැවසෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *