අද (02) අලුයම 04.55ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු එල් 226 දරණ යානයෙන් මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහොමඞ් සියාම් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු සහ ලංකා සජිත පෙරේරා නමැති 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේ වනවිට ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඩුබායිහි දී පිටුවහල් කර මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැණුනා.