ශ්‍රී ලංකාවෙන් ගිය කම්සාජිනී නෝර්වේ පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික තරුණියක් නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

ඒ , පසුගිය දා පැවති නෝර්වේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කම්කරු පක්ෂයෙන් තරඟ කර ජයග්‍රහණය කිරීමෙන්.

මෙලෙස නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී ඇත්තේ යාපනය ප්‍රදේශයේ උපත ලද කම්සාජිනී ගුණරත්නම් නැමති තරුණියක්.

ඇය වයස අවුරුදු 3දී සිය දෙමාපියන් සමඟ සරණාගතයින් ලෙස නෝර්වේ රාජ්‍යයට ගොස් තිබෙනවා.

පසුව ඔස්ලෝ හි පුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව ඇය 2007 වසරේදී පළමුවරට ඔස්ලෝ හි නාගරික මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ අතර 2015 වසරේදී එහි නියෝජ්‍ය නගරාධිපතිවරිය ලෙස ද කටයුතු කළා.

නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ලාංකික කාන්තාව ඇය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *