මැච් එකේ හැට නවවෙනි ඕවරයේදී පාරට ගහපු බෝලය සාක්කුවෙ දාගෙන ගිය හැටි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය වූ ඊයේ (30) ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු එල්ල කළ හයේ පහර නිසා තරඟය නතර කිරීමට සිදුවී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් විසින් එල්ල කළ හයේ පහර පිට්යෙන් එලියට ගොස් ගාලු කොටුවට යන ප්‍රධාන පාරට පතිත වීමත් සමගින්. එම අවස්ථාවේදී ගමන් ගත් පුද්ගලයෙකු විසින් පන්දුව අහුලාගෙන සාක්කුවේ දමා රැගෙන යන අයුරු සජීවී දර්ශන වල දැකගත හැකි .

එම අවස්ථාවේදී සවස පැවැති අයහපත් ආලෝක තත්වය නිසා සහ අලුත් පන්දුවක් ලබා ගැනීමට යම් කාලයක් ගතවන නිසා තරඟය නතර කර තිබෙනවා.

මේ පිළිබදව සමාජ මාධ්‍ය තුල පලවී තිබු සටහනක් පහතින්

You May also like

Leave a Reply

Your email address will not be published.