යුද හමුදා කඳවුරු තුළ ප්‍රදර්ශනය කළ යුතු ලාංඡන දෙකක්

යුද හමුදා කඳවුරු තුළ රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

මේ සම්න්ධයෙන් සියලු කඳවුරු දැනුවත් කිරීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *