ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ අක්‍රමිකතා සොයා බලන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු වෙත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුරකීමේ සේවක එකමුතුව ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීමේ සඳහන් වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සහ ඔහුගේ බිරිද කාර්යාංශයේ ඉහළ තනතුරු දරන අතර මොවුන් දෙදෙනාගේ අකාර්යක්ෂමතාවය නිසා ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා දහස් ගණනක් මේ වන විට සිරවී තිබෙන බවයි.
රටවලින් අලුත් රැකියා අවස්ථා ලබාගෙන පැමිණියත් සමාන්‍යාධිකාරීවරයා එම රැකියා අවස්ථා ලබාගැනීමට කිසිදු සහායක් ලබා දෙන්නේ නැති බවද සේවකයන් සඳහන් කර තිබෙනවා.