රනිල්ගේ නව රජයේ ඇමති ධූර භාර නොගැනීමට ශ්‍රී ලනිප තීරණය කරයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (මැයි 13) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ය.

ඒ අනුව, නව රජයේ කොටස්කරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදි ආකාරයකින් ක්‍රියා නොකරන බව ඔහු අවධාරණය කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published.