ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් හයදෙනෙකු මෙවර අයවැයට සහය දීමේ උත්සහායක නිරත වන බව ශ්රි ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමෙන්තු මන්ත්රී කනක හේරත් මහතා සඳහන් කළේ ටොරිංටන් නෝනා ශ්රීලනිප මන්ත්රීවරු 6ක් එක්ක අයවැයට සහාය දෙන්න සූදානම් වෙන බව අපිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා තිබෙන බවයි.
“ඊ.ටී.අයි ගිවිසුමේ ඩොලර් කුට්ටිය ගිලීමේ ප්රතිවිපාක තමයි මේ ගිලින්නේ. අපි ශ්රීලනිප මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සහගහන අයවැයට සහාය දෙන්න ගිහින් තමන්ගේ දේශපාලන ජිවිතය විනාශ කරගන්න එපා කියලා.
අද වරප්රසාදවලට මුදලට පාර්ලිමේන්තුවේ ඉන්න නායකයෝ එහාට මෙහාට වෙනවා. ඊ. ටි. අයි ඩොලර් ටික නිසා මන්ත්රීවරු වෙන දිහාකට ගෙනියනවා. සම්බන්ධන් මහත්තයාට නිවාස වාහන දීලා ඡන්ද ගන්න බලනවා. දැන් මෙහෙම නම් විධායක ජනාධිපතිධූරය අහෝසි කළාම පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය මොකක්ද? ” යනුවෙන් ඔහු පවසනවා.