ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) සඳහන් කළා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියා.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙනවා.