වසරේ ගායකයාට හිමි සම්මානය ඊයේ (06) දිනයේදී දිනා ගත්තේ ගායන ශිල්පී චාමර වීරසිංහයි.
චාමරව ඉහළට ඔසවා තබන්නට තම ජීවිතය කැප කළ ඔහුගේ ආදරණිය අම්මා අවසන් ගමන් ගියේ ද දැනට දින කිහිපයකට පෙරයි.
වෙනදා තමන් එවැනි ජයග්රහණයක් ලබා නිවසට පැමිණෙන විට මග බලාගෙන සිටින ඔහුගේ අම්මා ඊයේ දිනයේදී මග බලා නොසිටි අතර එය චාමරගේ හදවතට වඩාත් දැනෙන සිදුවීමක් බවට පත්ව තිබුණා.
ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබුණේ මෙවන් සටහනක් .
‘හිතාගන්නවත් බැරි මොහොතක මගේ අම්මා මගෙන් ඈතට ගියත් අම්මගෙ හිතේ තිබුන අහින්සක තව එක හීනයක් මට සැබෑ කරන්න පුලුවන් වුණා.2019 අවුරුද්දෙත් වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය මට දැන් ලැබුනා.වෙනද මෙහෙම මම ගෙදර එද්දි මම එනකන් මග බලාගෙන ඉන්න මගේ අම්මා අද නෑ කියල දැනෙද්දි හිතට එන පාලුව,තනිකම,වේදනාව කියා ගන්න බැරිතරම්.දුක තිබුනත් නිහතමානී සතුටක් දැනෙනව අම්මගේ මේ හීනෙත් සැබෑවක් කරන්න පුලුවන් උනාට..
ස්තුතියි මගේ නම යෝජනා කලාට.ස්තුතියි මෙතුවක් මා වෙනුවෙන් ගීත ලිවූ,තනු නිර්මාණය කල, සංගීතය සැපයූ හැම හදවතකම.ස්තුතියි හදවතින්ම මෙතුවක් මා සමග සිටි ආදරණීය රසික ඔබ සැමට.තෙරුවන් සරණයි.’