වත්මන් ලොරි බොඩි බස් ගෙන්වීම නැවතේ..පහත් පතුල් සහිත බස් මාස තුනෙන් ලංකාවට-වෛද්‍යවරුන්ගේ ඇගයීමට ලක්වේ

ලංකා ගමනාගමන මණ්ඩලයට පහත් පතුල් සහිත බස් රථ  ගෙන්වීම මෙන්ම, දැන් භාවිත කරන ආකාරයේ බස් රථ තවදුරටත් නොගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගත් තීරණය වෛද්‍යවරුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ප්‍රවාහන සේවා සම්බන්ධ සාකච්ඡාවකදී වෛද්‍යවරුන් මේ බව සඳහන් කළ බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉදිරි මාස තුන තුළ පහත් පතුල් සහිත බස් රථ 80ක් නාගරික මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ප්‍රවාහන සේවා සැලැස්වීමේදී ශාරිරික දුබලතාවකට ලක්ව සිටින මගීන්ට අපහසුතා ඇති කරන බස් රථ වෙනුවට මෙම පහත් පතුල් සහිත බස් රථ ගෙන්වීම සිදුකරනු ලබනවා.

You May also like

1 Comment

  1. why only for CTB. Impose it for private buses also

Leave a Reply

Your email address will not be published. Required fields are marked *