ලොරි චැසි සඳහා බස් බොඩි එක්කර සකසන ලද බස් රථ වෙනුවට පහත් පතුල් බස් රථ (Low-floor bus ) ගෙන්වීම රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2000 ක් ගෙන්වීමටද නියමිතව ඇති බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය තහවුරු වුණා.
එම බස් ගමන් කිරීමේ අපහසුතා ඇති පුද්ගලයන්ටද පහසුවෙන් ගොඩ විය හැකි ඒවා වනවා.
එමෙන්ම ශබ්ද දූෂණය අවම කිරීම සඳහා බස් රථවලට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නළාවක් හඳුන්වා දීමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
දැනට බස් රථවල භාවිත කරන විවිධ වර්ගයේ නළා හේතුවෙන් ශබ්ද දූෂණයක් මෙන්ම මගී ජනතාවද දැඩි අපහසුතාවට පත්ව ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අමාත්‍යාංශයට පෙන්වා දී තිබෙනවා.
අධික ශබ්දයක් නිකුත් කරන නළා බස් රථවලින් ඉවත් කිරීමට පසුගිය රජය කටයුතු කළත් එය සාර්ථක වී නොමැති බවයි වාර්තා වන්නේ.
පහත් පතුල් බස් රථ (Low-floor bus ) සැකැස්ම පහතින් දැක්වෙනවා.
Comments are closed, but trackbacks and pingbacks are open.