ඉන්දියාව සහ පකිස්ථානය අතර හිම කඳු කඩා වැටේ – 67ක් මරුට.. විශාල පිරිසක් අතුරුදන්

ඉන්දු-පකිස්ථාන දේශ සිමාවේ පිහිටි හිම කඳු කඩා වැටීම හේතුවෙන් ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ පුද්ගලයින් 67 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්ථාන පාලන ප්‍රදේශයේ පිහිටි කාශ්මීර් ප්‍රාන්තයේ ඇතිවූ හිමකඳු කඩා වැටීමෙන් පුද්ගලයින් 57 දෙනෙක්ද ඉන්දියාවේ පුද්ගලයින් 10 දෙනෙක් ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ..

මෙම හිම කඳු කඩා වැටීමෙන් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කාශ්මීර් හි උතුරු ප්‍රාන්තයේ ගම්මාන රැසක් හිම කඳු කඩා වැටීමෙන් විපතට පත්වී ඇති බවයි පාකිස්ථාන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් මේ වන විට කාශ්මීරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා හමුදාව යෙදවීමට ද පකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Sorry. No data so far.

Comments are closed, but trackbacks and pingbacks are open.