රුපියල් බිලියනය විදෙස් ආධාර අතුරුදන්වීම පිළිබඳ සෝභිත හිමියන්ගෙන් චෝදනා

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත් වූ පිරිස් වෙනුවෙන් ලද රුපියල් බිලියනයකට අධික විදෙස් මුදල් ආධාර අස්තානගතවීමක් පිළිබඳ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

මෙම මුදල් වලට සිදුවුයේ කුමක්දැයි සොයා බලා හෙළිදරව් කරන ලෙස ඉල්ලා සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2019 පාස්කු ඉරිදා මෙරට කිතුනු දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ සංඛ්‍යාව 269

එමෙන්ම අවම වශයෙන් තවත් 500 ක් පමණ තුවාල ලබා ඔවුනතරින් බොහෝ පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයන්ට පත් වුණා

මෙම ප්‍රහාරයේදී මෙරට සංචාරය කරමින් සිටි විදේශිකයන් 45 ක්ද මියගිය අය අතර වුනා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *