යුද හමුදා පැරෂුට් වීරයා හමුදා ආචාර මැද අවසන් ගමන් යයි (Photos)

අම්පාර උහන යුධ හමුදා කඳවුරේ පැරිෂුට් පුහුණුවක අතර තුර සිදු වු අනතුරකින් මිය ගිය යුධ හමුදා විශේෂ බලකායේ එච්.කේ.සි.කුමාර මහතාගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද (23) සිදු කර ඇත.

අද සවස පුර්ණ හමුදා ගෞරව සහිතව මාතර, පුහුල්වැල්ල , ඕවිටිගමුවේ පිහිටි පවුලේ සුසාන භූමියේදි දේහය මිහිදන් කිරීම සිදු කර ඇත.

අති විශාල ජනතාවකගේ සහාභාගිත්වයක් මෙම අවස්ථාවේදි දක්නට ලැබුණු අතර ජනාධිපතිතුමන්ගේ ශෝක පණිවිඩය දකුණු පළාත් ආණ්ඩුකාර හේමලා ගුණසේකර මහතාගේ නියෝජිතයෙකු විසින් ප්‍රකාශයට පත් කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශීය සභාවේ සභාපති විසින් ප්‍රකාශයට පත් කරන ඇත.

මිය යන විට 48 හැවිරිදි වියේ පසු වු ඒ මහතා දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිය අටමස් ගැබිණියකි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින යුද හමුදා ආචාර සාමාචාර මැද පවත්වනු ලැබුවා.