ඊශ්‍රායලයේ අගනුවර න්‍යෂ්ටික වලාවකින් සුන් කිරීමේ සූදානමක්.. ඝාතනය කළ සුලෙයිමානිගේ සැළසුම් හෙළිවේ..

ඇමෙරිකාව විසින් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරනු ලැබූ ඉරාන හමුදාවේ අණදෙන නිලධාරි කාසිම් සුලෙයිමානි යනු රාක්ෂසයකු බව ‘බිල්ඩ්’ නම් ජර්මානු පුවත්පත සඳහන් කර තිබෙනවා.

සුලෙයිමානිගේ අරමුණ වූයේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර න්‍යෂ්ටික වලාවකින් සුන් කිරීම යැයි එහි සඳහන් වනවා.

මෙම භයානක පුද්ගලයාගෙන් ලෝකය මුදාගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් බව එම ලිපිය සම්පාදනය කළ රීචෙල්ට් පවසනවා.

ජුලියන් රීචෙල්ට් යනු, ජර්මනියේ වඩාත්ම අලෙවි වන බිල්ඩ් පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයායි.

“ට්‍රම්ප් ක්‍රියා කළේ එක්සත් ජනපදයේ ආරක්ෂාව පිණිසය. නමුත් ලෝකය පුරා සාමයට ළැදි සියලු ජනයාට එයින් ලැබුණේ මහත් අස්වැසිල්ලකි. ඉරාන රාජ්‍ය ත්‍රස්තවාදයේ ගෝඩ්ෆාදර් හෙවත් කැපකාර පියා කාසිම් විය. ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයකින් සුන්නද්දූලි විය හැකි ලෝකයක ඔහු සිටියේ වැරදි තැනකයි.”

යම් අවස්ථාවක ඉරානයේ ප්‍රහාර ජර්මනිය සහ ඊශ්‍රායලය වෙත එල්ල විය හැකි යැයි මෙම ලේඛකයා අනතුරු අඟවා තිබෙනවා.

මන්දයත් බොහෝ යුදෙව්වන් එම රටවල වාසය කරන නිසයි.

මේ අතර ෆොක්ස් පුවත් සේවාව වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මැදපෙරදිග රටවල සහ බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාල 4ක් වෙත ප්‍රහාර එල්ල කිරීමට කාසිම් සුලෙයිමානි සැලසුම් කළ බව හෙළිවීම ඔහු ඝාතනය කිරීමට හේතු වූ බවයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.