ගෑස් හිඟයට විසදුමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන ගෑස් හිඟය සම්බන්ධයෙන් සමාගම් සමඟ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී අද උදෑසන පැවැත්වුණා.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් පවතින බවට පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, එහිදී සමාගම් සදහන් කර ඇත්තේ සෞදි අරාබියට පසුගියදා එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ මෙරටට ගෑස් ආනයනය කිරීමේදී ගැටළු මතුවී වූ බවයි.

එමෙන්ම, අදාළ ගෑස් රැගත් නෞකාවක් සෞදි අරාබියේ සිට පැමිණියත් මුම්බායිවල පවතින සුළි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එය මෙරටට පැමිණිමේ ප්‍රමාදයක් පවතින බවට ද ඔවුන් එහිදී සදහන් කර තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා දින හෝ සෙනසුරාදා අලූයම එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිතයි. ඉන් පසු වෙළදපොළේ පවතින ගෑස් ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට හැකි බවයි එම සමාගම් අමාත්‍යාංශ ලේකම්වරයාට සදහන් කර ඇත්තේ.

එමෙන්ම, ඊයේ දිනයේදී ලාෆ් සමාගමට අයත් ගෑස් මෙටි‍්‍රක් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම කියා සිටියේ සාමාන්‍යයෙන් වෙළදපොළට නිකුත් කරන ප්‍රමාණයට වඩා දෙගුණයක ගෑස් ඉන්ධන මේ  වන විට වෙළදපොළට මුදා හැරීමට කටයුතු කරමින් සිටින බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *