සෝමාවතියෙන් හමුවූ දුර්ලභ සුදු ගෝන පැටවා

සුදු ‍හමක් සහිත ගෝන පැටවකු හමුව තිබෙන බව කන්තලේ වන අලි කළමණාකරණ ඒකකය පවසනවා.

සෝමාවතිය වනේද්‍යානය ආශ්‍රිතව සිටින මෙම ගෝන පැටවා ඇල්ල – කන්තලේ මාර්ගයේ කිලෝමීටර් 9 කණුව ආසන්නයේදී හමුව තිබෙනවා.

සුදු ගෝන පැටවෙක් හමුවීම දුර්ලභ සිදුවීමක් බවයි කන්තලේ වන අලි කළමණාකරණ ඒකකය සඳහන් කළේ.

මීට පෙර 2011 වසරේද සේරුනුවර, අරියමංකේණි වන ලැහැබක වළක වැටී සිටි පැහැය වෙනස් ගෝන පැටවෙකු කන්තලේ අලි පාලන ඒකකයට හමු වුණා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *