සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් 2-0ක් ලෙස පරාජයට පත් වූ දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 2වැනි ස්ථානයේ සිට 3 වැනි ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.
මෙම තරගාවලිය ආරම්භ වන විට ප්‍රසාද ලකුණු 110 ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානය හිමිකරගෙන සිටි දකුණු අප්‍රිකාව, ඔවුන්ට වඩා ටෙස්ට් ශේර්ණීගත කිරීමේ පහතින් සිටි (6 වැනි ස්ථානයේ) ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ තරගාවලි පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු 5ක් අහිමිව ගොස් ප්‍රසාද ලකුණු 105 දක්වා පහත බැස ඇති බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (24ද) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව ප්‍රසාද ලකුණු 107කට හිමිකම් කියන නවසීලන්තයට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 2 වැනි ස්ථානය හිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලි ජයත් සමඟින් ප්‍රසාද ලකුණු 4ක් හිමි වී ඇති අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 93ක් සමඟින් ජාත්‍යාන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ 6 වැනි ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකි වනවා.
මේ අතර ප්‍රසාද ලකුණු 110කට හිමිකම් කියන ඉන්දියාව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 1 වැනි ස්ථානයේ රැඳී සිටින අතර එම සටහනේ දෙවැනි ස්ථානය දිනාගත් නවසීලන්තයට එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම මස 28 වැනිදා ආරම්භ වන තරග 3කින් සමන්විත බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලිය ජයගැනීම අනිවාර්ය වනවා.