ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ දිනයේ (14) තරගය අවසන් වන විට කඩුලු 4ට ලකුණු 126ක් ලබා සිටියා.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 235ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 191ත් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත් වුණා.
අද තරගයේ තෙවැනි දිනයයි