දකුණු අප්‍රිකාව කඩුලු 8කින් ශ්‍රී ලංකාව පරදවයි (UPDATE)

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 231ක් පන්දුවාර 47 ක් තුලදී ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකාව පන්දුවාර 38.5ක් තුළ දී කඩුලු 2ක් දැවී ලකුණු 232ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 231ක් රැස් කර ගනු ලැබුවා. ඒ පන්දුවාර 47 ක් තුලදී.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 23 කට දැවී ගියා. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු (49) සහ කුසල් ජනිත් පෙරේරා (33) එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 76ක් එක් කරනු ලැබුවා.

ඉම්රාන් තාහීර් විසින් කුසල් ජනිත් පෙරේරා දවා ගැනීමත් පසුව ලකුණු අතර සිටි ඕෂද ප්‍රනාන්දු ආවාසනාවන්ත අයුරින් ලකුණු 49ක් ලබා සිටියදී දුවද්දී දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

ධනංජය සිල්වා සහ කුසල් පෙරේරා කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩ නගමින් 05 වන කඩුල්ල සඳහා අගනා ලකුණු 94ක් එක් කළ අතර නැවත වරක් ක්‍රියාත්මක වූ ඉම්රාන් තාහිර් ධනංජය සිල්වාගේ කඩුල්ල දවා ගත්තේ ඔහු ලකුණු 39ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් පසුව පසුපෙළ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ නොදුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 231 කට සිමා කරනු ලැබුවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරතවූ ඉම්රාන් තාහිර් සහ ලුන්ගි එන්ගිඩි කඩුලු 3 බැගින් දවා ගනු ලැබුවා.

…………………………..

ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 231යි

දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී අද පැවැත්වෙන පළමුවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47 ක් අවසානයේදී ලකුණු 231 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබාගත්තේය.

SL-v-SA-1st-ODI-1st-inn

—————
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට; ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරග ජොහැනස්බර්ග් හිදී අද (03) පැවැත්වෙනවා.

තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 1 යි 30ටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දීමටයි.

Sri Lanka XI: Niroshan Dickwella (wk), Upul Tharanga, D de Silva, Kusal Mendis, Oshada Fernando, Kusal Perera, Thisara Perera, Akila Dananjaya, Lasith Malinga (capt), Vishwa Fernando, Laskhan Sandakan

South Africa XI: Reeza Hendricks, Quinton de Kock (wk), Rassie van der Dussen, Faf du Plessis (capt), David Miller, Wiaan Mulder, Dwaine Pretorious, Kagiso Rabada, Anrich Nortje, Imran Tahir, Lungi Ngidi

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *