දකුණු අප්‍රිකාව සමඟ තරගාවලිය පෙරහුරුවක් පමණයි – හරීන්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කර තිබෙන්නේ ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා පෙරහුරු තරගාවලියක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට දිනුමේදී මෙන්ම පරාජයේදීත් ධෛර්ය සැපයිය යුතු බව ද ඇමතිවරයා විසින් මෙහිදී ප්‍රකාශ කර සිටිනු ලැබීය.

මේ වසරේ ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන සියලු තරග ශක්තිමත් කණ්ඩායමක් සකස් කිරීම සඳහා ඉතා තීරණාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කරනු ලැබීය.

ලෝක කුසලානයට යාමට පෙර දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී පෙරහුරුවක් පමණක් සිදුකරන බවත් අවසාන ඉලක්කය ලෝක කුසලානය බැවින් ක්‍රීඩා ලෝලීන් හට ඉවසීමෙන් පසුවන ලෙසත් තමන් ඉල්ලා සිටින බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

බදුල්ලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

You May also like

1 Comment

  1. හරීන් උබ ක්‍රිකට් වලට අත නොදා වෙන වැඩක් කරපන් තොපි අත තිබ්බොත් ඉවරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *