ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගය අද (06) සෙන්චූරියන් හිදී පැවැත්වෙනවා.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.
එම පිටිය වේග පන්දු යවන්නන්ට තරමක වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රචලිතව ඇති බැවින් ජොහැන්නස්බර්ග්හිදී පැවැති තරග උපක්‍රම අපේක්‍ෂා කළ නොහැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදීම ශ්‍රී ලංකාව පරාජයට පත්වීම සඳහා හේතු වූයේ පිතිකරුවන්ගේ දුර්වලතා බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසනවා.
“ඉතාම තීරණාත්මක අවස්ථා වලදී අපි කඩුලු අහිමි කරගත්තා” යයි මාලිංග මාධ්‍ය වෙත කියා සිටියා.
ශ්‍රී ලංකා පිතිකරුවෝ සිව් දෙනෙක්ම සාර්ථක සම්බන්ධතා දෙකකට සම්මාදම් වූ නමුත් සම්බන්ධතාවක් බිඳී ගිය වහාම අනෙක් පිතිකරුවාද දැවී ගිය අතර මෙම තත්ත්වය පාලනය කරගත යුතු වූවත් ඕවර 38.5 කදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනකු පමණයි.
කෙසේ වෙතත් පළමු තරගයේදී වඩාත්ම අසාර්ථක වූයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ය.
ලසිත් මාලිංග සහ තිසර පෙරේරා දෙදෙනාටම එකම කඩුල්ලක් හෝ දවාගත නොහැකි වුණා.
මේ දෙදෙනාම ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායකයෝ වනවා.
එහෙත් තරුණයන් සාර්ථක වූ අතර සිය මංගල එක්දින තරගයට සහාගි වූ ඕෂධ ප්‍රනාන්දු අලංකාර පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 49 ක් ලබාගත් නමුත් දුවද්දී දැවී ගියා.
එබැවින් අද තරගයේදී සියලු දෙනාගේ දෑස් රැඳී ඇත්තේ ජ්‍යෙෂ්ඨයන් වෙතයි.