දික්වැල්ල ලංකාව පරාජය කරා කැඳවයි – තරගය සමයි..සුපිරි පන්දු වාරයෙන් පැරදෙයි

ශ්‍රී ලංකාව පරදවමින් පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (19) සමත් වුණා.

පන්දුවාර විස්සේදී දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් යවන ලද සුපිරි පන්දුවාරයේදී ඔවුන් ජය වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 134 කට සීමා වූ අතර ලකුණු 135 ක ඉලක්කයක් කරා යද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම 20 වන පන්දුවාරය ඇරඹෙන විට ජයග්‍රහණය සදහා ලකුණු 5ක් අවශ්‍යව සිටියා.

දකුණු අප්‍රිකා ඉනිමේ අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල අතින් ඉතාමත් පහසු දුවද්දී දැවීයාමක් මඟහැරීම හැරුනු අතර ස්ටේන් දවාගැනීමට දික්වැල්ල සමත් වූයේ නම් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වනවා.

සුපිරි පන්දුවාරයේදී මාලිංග ලකුණු 14 ක් ලබා දුන් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 04 ක් පමනයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *