ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති අවසන් පන්දුවාර 20 තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 20 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තා.
ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 22කදී ලකුණු 38ක් ලබා ගත්තා.
පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් සිය පිත්ත ක්‍රියාත්මක කරවූ ඉසුරු උදාන වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරද්දී අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදු වුණා.
පසුව පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර ශ්‍රී ලංකාවට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 137ක් පමණයි.
ඉසුරු උදාන මෙහිදී හයේ පහර 4ක් සමගින් ලකුණු 36ක් ලබා ගත්තා.
……………………………….
රටේ ගරුත්වය වෙනුවෙන් ඉසුරු උදාන අදත් සටනක – පුංචි කසකරුවාගේ සටනට වැස්ස හරස්වේ
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති අවසන් පන්දුවාර 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට තාවකාලිකව නතර කර තිබෙනවා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත ඕවර 20 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තා.
ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 22කදී ලකුණු 38ක් ලබා ගත්තා.
පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් සිය පිත්ත ක්‍රියාත්මක කරවූ ඉසුරු උදාන වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරද්දී අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදු වුණා.
ඒ වනවිට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 111ක් ලබා සිටියා.
ඒවනවිට ඉසුරු උදාන පන්දු 12කදී හයේ පහර තුනක් සහිතව වේගවත් ලකුණු 25ක් ලබා සිටියා.