අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ධාවනයේ යෙදුනු රියදුරු සහ ගමන්ගත් අය රිමාන්ඩ්

පසුගිය දිනයක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ මෝටර් රථයේ රියදුරු ඊයේ (12) දිනයේ අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අකුරණ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු වෙනවා.

සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග තිබෙනවා.

මෝටර් රථයේ ජනේල විවෘත කර ශරීරය ඉවතට දමා ගමන් කල තරුණයන් 4 දෙනාත් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් එම ප්‍රදේශය්ම අවුරුදු 18-20ත් වයස් වල අයයි.

මෝටර් වාහන පනතේ සඳහන් වැරදි වලට අමතරව අයුතු අවහිර කිරීම් හා අයුතු ජනරාශියක සාමාජිකයින් වීම යන චෝදනාද ඔවුන්ට එල්ල වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *