SPC සභාපති ඇතුළු පිරිසක් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

ඒ අනුව අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි මහතාද ඉල්ලා අස් වී ඇති බවද වාර්තා වේ.

දේශපාලන බලපෑම් මෙන්ම දේශපාලන මත ගැටුම් ඊට හේතු වී ඇති බැවින් මෙම පිරිස ඉල්ලා අස්වීමට නියමිත බව අප මින් ඉහතදී වාර්තා කළෙමු.

කෙසේවෙතත් දේශීයව නිපද වූ ඖෂධ ආනයනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ඉල්ලා අස්වීම් සිදු විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *