Skip to content

අපවත් වී වදාළ මහා නාහිමියන් වෙනුවෙන් ‘නිශ්ශබ්දතාවක් පැවැත්වීම’ කතානායක ප්‍රතික්ෂේප කරයි

අපවත් වී වදාළ රාමඤ්ඤ නිකායේ මහා නාහිමි අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමේ යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද ප්‍රතික්ෂේප කළා.

සභාව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් කථානායකයා වරයා විසින් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කරගත යුතු බවයි.

විපක්ෂ නායක –
“මේක වාද විවාද කරන්න දෙයක් නෙමෙයි. 2015 අස්ගිරි මහනාහිමියන් අපවත්වූ අවස්ථාවෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා කථානායකතුමනි”.

කථානායක –
“ඊට වඩා ගෞරවණීයයි. පිළිවෙලයි. යෝජනාවක් සම්මත කරලා දෙගොල්ලෝම ‍එකට මේක කළානම්.”
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එය කළ යුතු වුවත් මේ මොහොතේ නොකර එය යෝජනාවක් ඉදිරිපත් කර සවස පක්ෂ නායක රැස්වීමේදී සම්මත කරගෙන සිදුකිරීම යෝග්‍ය බවයි. නමුත් විපක්ෂ මන්ත්‍රීවරු ඊට එකඟත්වය පළ නොකළ අතර කථානායකවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර සභාවේ කටයුතු ආරම්භ කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Designed using . Powered by WordPress.