ජනපති සහ මහින්ද අතර හමුවක්.. පස්වරු 3ට හදිසි කැබිනට් කැඳවීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැඳවීමකට අනුව හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (19) සවස 3.00 පැවැත්වීමට නියමිතයි.

ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පැවැති රහසිගත සාකච්ඡා කිහිපයකින් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති අතර ඒ අනුව ඊයේ රත්‍රියේදී ජනාධිපතිවරයා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැය එකහමාරක අතිශය රහසිගත සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා අද සවස 3.00ට මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම කැදවීමට පියවර ගෙන තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *