පෝට්සිටි නැරඹීමට යන පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

මේ අතර මීට සති දෙකකට පමණ පෙර මහ ජනයා සඳහා විවෘත වූ කොළඹ වරාය නගරය marina මහජන මංතීරුවට මේ වන විට අලාභහානි සිදු වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම ඡායාරූපවලින් දැක්වෙන්නේ marina මහජන මංතීරුවේ බිම අතුරා ඇති යම් යම් කොටස් කැඩී බිඳී ගොස් ඇති ආකාරය යි.

මේ අතර පසුගිය දින ගණනාව මුළුල්ලේ මෙම marina මහජන මංතීරුවට පැමිණේ අති විශාල ජනකාය විසින් භාවිතා කර ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් බීම බදුන් ආදිය ඒ අසල මුහුදු තීරයේ එක්රැස් වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරන්නේ කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයින් ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් දහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර කියා සිටියේ, ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම වැලැක්වීම සඳහා පෝට් සිටි ආයතනය සමග සම්බන්ධ වී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මේ අවට ප්‍රදේශයට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ සභාපතිනිය ඉල්ලා සිටින්නේ, කොළඹ වරාය නගර marina මහජන මංතීරුව ප්‍රදේශය සහ ඒ අවට සාගර කලාපය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙසයි.


You May also like

Leave a Reply

Your email address will not be published.