කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් – ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු

ඉන්දියාව කේන්ද්‍රකරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය පාකිස්තාන් ත්‍රස්ත සංවිධානයක් සමග ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු ලැබීමත් සමග මෙරට සිටින සැකකටයුතු පාකිස්තාන් හා ඉන්දියන් ජාතිකයන් ගැනද අවධානයෙන් සිටින ලෙස ආරක්ෂක අංශවලට නියෝග ලැබී තිබෙනවා.

ඉන්දියාවේදී එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ශ්‍රී ලංකාවටද තර්ජනයක් විය හැකි බව මෙරට බුද්ධි අංශ අනතුරු හඟවා ඇති බව වාර්තා වනවා.

මේ අනුව මෙරට සිටින සැකකටයුතු ඉන්දියානු හා පාකිස්තානු ජාතිකයන් කෙරේ අවධානය යොමු කරන ලෙස බුද්ධි අංශවලට උපදෙස් ලැබී තිබෙනවා.

දකුණු ආසියාවේ ඇති සක්‍රිය සටන්කාමි සංවිධානයක් වන පාකිස්තානය කේන්ද්‍ර කරගත් ලෂ්කාර්-ඊ-ටයිබා සංවිධානයේ සාමාජිකයන් හා ඩාවුඩ් ඊබ්‍රාහිම් කල්ලයේ තර්ජනයක් ගැන විදෙස් බුද්ධි අංශ අනතුරු හඟවා තිබුණා.

මෙම අනතුරු හැඟවීම් අතරතුර මෙරට කතෝලික දේවස්ථානවල දේවමෙහෙයන් පැවැත්වෙන ඉරිදා උදෑසන 6.00 සිට එය අවසන් වන තුරු විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමටද නියෝග කර තිබෙනවා.

You May also like

1 Comment

  1. ඡන්දෙට නාට්‍යයක් වගෙයි රුස්පෙක්ට් ස කියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *