බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි. ඊයේ දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 398ක අසීරු ඉලක්කයක් බංග්ලාදේශ කණ්ඩායම වෙත යොමුවුණා. රෂීඩ් සහ සහීර් ඛාන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිමට සවිමත් වන්නට ඉඩක් ලැබුණේ නැහැ. වර්ෂාව නිසා තරඟය නතර කරන විට ඔවුන් රැස් කරගෙන තිබුණේ කඩුලු 6ක් දැවී ලකුණු 136ක් පමණයි.
කෙසේ වෙතත් අවසාන දිනයේ ක්‍රීඩාංගනයෙන් ලැබෙන ආරංචි නම් ඇෆ්ගනිස්ථානයට එතරම් සුභදායී නැහැ. මේ වන විටත් තරඟය පවත්වන චිතගොං ක්‍රීඩාංගනයට නොනවත්වා වර්ෂාව ඇද වැටෙන බවයි දැනගන්න ලැබෙන්නේ. මේ හේතුවෙන් තව කඩුලු 4ක් පමණක් දවාගෙන සුවිශිෂ්ට ජයක් ලබාගැනීම අභියස සිටින ඇෆ්ගන් කණ්ඩායමේ බලාපොරොත්තු සුන්වේවිදෝ යැයි සැකයක්ද තිබෙනවා.