“ක්‍රීඩාංගණ හදනවාට වඩා කරන්න වැඩ තියෙනවා ” – ලොකුම පිටියට ක්‍රීඩා ඇමැතිගෙන්ම විරෝධය

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් හෝමාගම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ යෝජනාවට කිසිදු ප‍්‍රමුඛතාවයක් ආණ්ඩුව විසින් මේ මොහොතේ ලබා නොදෙන බව කි‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනට සහභාගි වෙමින්.

මෙතරම් විශාල මුදලක් වැය කර කී‍්‍රඩාංගණයක් ඉදි කිරීමට වඩා ප‍්‍රමුඛතාවය දිය යුතු කටයුතු මේ මොහොතේ ආණ්ඩුවට ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

හෝමාගම ප‍්‍රදේශයේ මෙලෙස ඉදිකිරීමට සූදානම් වූයේ ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන විශාලතම කි‍්‍රකට් කි‍්‍රඩාංගණයයි. ඒ සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30 ත් 40 ත් අතර වනවා.

එහෙත් මෙවැනි අවස්ථාවක මෙතරම් විශාල මුදලක් වැය කර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් ඇතුළු පාර්ශව රැසක් දැඩි විරෝධයක් පළ කළා.

You May also like

2 Comments

  1. ICC dosent seem to have a heart. In the midst of Pandemic to build cricket ground is nothing but mere madness. Loan that money to Government rather than begging from IMF

    1. හොරකම් නොකර හිටියොත් හොඳයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *