ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වේ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමාවී තිබෙනවා.

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසීරුතාවට පත් ශ්‍රී ලංකා පිතිකරුවන් 3 දෙනෙකුම කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුනා.

කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය ඊට අයත්.

පළමු ඉනිමේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 27ක්, දසුන් ශානක ලකුණු 23ක් සහ කුසල් පෙරේරා ලකුණු 20ක් ලබාගත්තා.

වනිඳූ හසරංග 19යි.

තේ පානය සඳහා මේවන විට තාවකාලිකව තරගය නතර කර ඇති අතර එංගලන්ත පළමු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ඩොම් බෙස් කඩුලු 5ක් සහ ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බැගින් දවාගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *