නවසීලන්ත ජයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ පළමු ස්ථානයට පත්​වේ

නවසීලන්තයත් සමග ගාල්ලේදී අද පැවැත්වූ නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ හේතුවෙන් ක්‍රිකට් ලෝකයට අලුතින්ම හඳුන්වා දුන් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරඟාවලියේ ප්‍රසාද ලකුණු 60ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒත් සමගම ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලි සටහනේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. මෙහි දෙවැනි ස්ථානය එංගලන්තය පරාජය කොට ලකුණු 24ක් ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ සිටියත් මෙය තාවකාලික තත්ත්වයක් පමණයි. ටෙස්ට් ශූරයන් හැටියට කිරුළු පළඳින්නට නම් ඔවුන්ට ලැබී ඇති ඉදිරි තරඟාවලි වලද සැලකිය යුතු දස්කම් දැක්විය යුතු වනවා.