ක්‍රිකට් නිලවරණයට තරග කිරීමේ අයිතිය ඉල්ලා මොහාන්ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණයේදී අද (20) යළි සලකා බැලීම සිදු කෙරුණා.
ඒ අනුව මොහාන්ද ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය හැකි බවට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මෙම පෙත්සම් ඉකුත්දා අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නොතීසි ලැබී නොමැති බවට කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව මෙම පෙත්සම් අද දිනයේ සලකා බැලීමට නියෝග කෙරුණා. මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරයට මොහාන්ද සිල්වා ඉදිරිපත් කළ නාමයෝජනාව සහා උප සභාපති ධුරයට රවීන් වික්‍රමරත්න ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ප්රතික්ෂෙප කිරීමට නිලවරණ කමිටුව ඉකුත්දා තීරණය කළා. ඊට එරෙහිවයි ඔවුන් දෙදෙනා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදීයි.