වැඩියෙන්ම අලි මියයන රට ලංකාව

අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩිම අලින් මියයන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසන්නේ, අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව දෙවැනියට වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වන්නේ ද මේ රටේ බවය. එමෙන්ම මෙම ගැටුම් හේතුවෙන් අවම තරමින් සතියකට මිනිස් ජීවිත දෙකක් පමණ අහිමි වේ.

මේ වන විට මෙරට සමාජයට බරපතළ ගැටලුවක් ඇති කර ඇත. අලි මිනිස් ගැටුම් හේතුවෙන් දිනකට දල වශයෙන් එක් අලියෙකු බැගින් මියයන බව ඔවුන් විසින් සිදු කළ සමීක්ෂණයක දී හෙළි වී ඇති බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ළහිරු ප්‍රකාශ් පවසයි.

නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර ව මෙම ගැටුම් නිරාකරණය කිරීමට දරණ උත්සාහයන් මේ තත්ත්වය තවත් බරපතළ කර ඇත. ගැටුම්කාරී වන අලින් කුඩා බිම් කොටසකට කොටුකර ඒ වටා විදුලි වැටක් එලීම හරහා මෙම ගැටලුව නිරාකරණය කරගත නොහැකි බවත් අලින්ගේ එදිනෙදා දිවිපෙවෙතට බාධා එල්ල වෙන ක්‍රියාකාරකම් වහා අඩුකළ යුතු බවත් සංවර්ධනයේ නාමයෙන් වන අලින් ගැවසෙන වනාන්තර කොටස් දිනෙන් දින හීන වීමත් මෙම ගැටලුව තවත් බරපතළ කිරීමට හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *