පානම මෝය කට ආසන්නයේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
ගිණිකොණ නාවික විධානයට අයත්, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට අනුයුක්ත නාවිකයින් විසින් මෙම ක්‍රියාව සිදු කරනු ලැබුවා.
කුරුණැගල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් පානම මෝය කට ආශ්‍රිතව දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි අවුරුදු 06 ක පමණ වයසැති කුඩා දැරියක් දියේ ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ භීතියට පත්ව සිටි දෙමාපියන් ඇතුළු පිරිස උදව් ඉල්ලා තිබෙනවා.
නාවික හමුදා ජිවිතාරක්‍ෂක රාජකාරියේ නියුතුව සිටි නායක නැවි කේ.ඒ.ඒ.කේ කුමාර සහ නායක නැවි එච්පී.ඒ.එන් කුමාර යන නාවිකයින් දෙදෙනා ක්‍ෂණිකව එම ස්ථානය වෙත ගොස් දැඩි පරිශ්‍රමයක් දරමින් දියේ ගිලෙමින් සිටි එම කුඩා දැරියගේ දිවි බේරාගෙන නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් දැරියගේ දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරනු ලැබුවා.