මැතිව්ස්, චන්දිමාල් නැති ශ්‍රී ලංකා එක්දින සංචිතය

පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් නොකළ බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.

ඔහු කියාසිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට පෙරද මැතිව්ස් වෛද්‍ය පරීක්‍ෂණයකට එක්වීමට නියමිත බවයි.

අනතුරුව එම තරගාවලිය සඳහාද ඔහු සහභාගි වනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙනු ඇති.

එළඹෙන ලෝක කුසලානය සඳහා ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් සහභාගි කරවීම අපේක්‍ෂාව බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ. ඊයේ (18) නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර එක්දින කණ්ඩායමේ වෙනස්කම් 8 ක් සිදුකර තිබෙනවා. දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් චානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාරට එක්දින සංචිතයේ සිය ස්ථාන අහිමිවී තිබීම විශේෂත්වයක්.

ඒ වෙනුවට යොවුන් ක්‍රීඩකයින් වන අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා සහ ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබෙනවා. වසර 2 කට පසු ඇන්ජලෝ පෙරේරාද ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බවට තහවුරු කිරීමෙන් පසු අකිල ධනංජයද එක්දින සංචිතයට කැඳවීමටයි තේරීම් කමිටුව තීරණය කළේ.

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 3 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

ලසිත් මාලිංග – නායක
නිරෝෂන් දික්වැල්ල – උපනායක
අවිශ්ක ප්‍රනාන්දු
කමිදු මෙන්ඩිස්ප්‍
රියමාල් පෙරේරා
ඕෂධ ප්‍රනාන්දු
අකිල ධනංජය
උපුල් තරංග
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ඇන්ජලෝ පෙරේරා
කුසල් මෙන්ඩිස්ධ
නංජය ද සිල්වා
ඉසුරු උදාන
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
ලක්ෂාන් සදකැන්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *