අගමැතිට දුන් සෝඩා බෝතලය පොලිසියට බාර දෙයි – පොලිසිය අධිකරණයටත් කරුණු දන්වයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පානය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය වෙත ගෙනැවිත් තිබූ රෙදි කැබැල්ලක්‌ සහිත සෝඩා බෝතලය පරීක්‍ෂා කිරීම සඳහා රස පරීක්‍ෂකවරයා වෙත යවා තිබෙනවා.

එමෙන්ම වැලිකඩ පොලිසිය විසින් මේ පිළිබඳව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ද වාර්තා කරනු ලැබුවා.

අගමැතිවරයාට පානය කිරීම සඳහා සෝඩා බෝතල් ගෙනැවිත් තිබෙන අතර ඒ එක්‌ බෝතලයක්‌ තුළ අඟලකට වඩා වැඩි ප්‍රමාණයකින් දිග හා පළල ඇති කළු පැහැති රෙදි කැබැල්ල තිබුණා.

අගමැතිවරයා වෙත බන්දේසියක තබා පසුගිය (02 දා) මෙම සෝඩා බෝතලය ගෙන යන අතරතුර බෝතලය පතුළේ තිබූ රෙදි කැබැල්ල පාවෙමින් ඉහළට පැමිණෙන අයුරු පාර්ලිමේන්තු සේවකයකු දැක ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සෝඩා බෝතලයේ මූඩිය ඒ අවස්‌ථාවේදී කඩා නොතිබූ බව ද අනතුරුව පොලිස්‌ නිලධාරීන් එය වැලිකඩ පොලිසිය වෙත යවා ඇති බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *