ලංකාව අද ඕස්ට්‍රේලියාව සමග තරග බිමේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල සහභාගීවන අවසන් පුහුණු තරගය අද (27) ඕස්ට්‍රේලියාවට එරෙහිව සදම්ටන්හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් මේ වනවිට පිතිකරණයෙන් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති අතර සෙසු පිතිකරුවන්ට ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කරන අවසන් අවස්ථාව වන අද දිනයේදී වැඩි යමක් කිරීමට සිදුවනු ඇති.

පන්දු යවන්නන්ද තම දස්කම් මුහුවත් කර ගැනීමට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුව තිබෙනවා.

අයී.පී.එල් තරගාවලියට එක්වීමෙන් පසු දින 10 විවේකයක් ලබාගත් ලසිත් මාලිංග අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර පළමු පුහුණු තරගයේදී ආබාධයන්ට ලක්වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගේ ආබාධ තත්ත්වයන් එතරම් බරපතළ නොවන බව එම තරගයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න පවසා තිබිණි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාද අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *