කංසා වලින් ලංකාව වැඩ ගැනීමට සුදානමක්

කංසා අපනයනයට නීතිමය පියවර

කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඉදිරි මාස තුන ඇතුළත ඊට අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබාගැනීමට කටයුතු කරන බවයි.

ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධීය කංසා වර්තමානයේ රෝගාබාධ සුව කිරීමට මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ද යොදා ගන්නා බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *