ලංකාවේ ජයග්‍රහණයට තවත් ලකුණු 137ක් අවශ්‍යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 60ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව තවත් කඩුලු 8ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 137ක් ජයග්‍රහණය වෙනුවෙන් රැස්කළ යුතුව ඇත. ලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණයි.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 128කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත්වූහ. සුරංග ලක්මාල්, කසුන් රාජිත හා ධනංජයද සිල්වා එහිදී පන්දුයැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත්වූණා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *