මාලිංගගේ නායකත්වය අදින් අවසන් ! – හතුරුසිංහගේ අවසන් සටන ප.ව. 4.30 ට

පිට පිටම දෙවැනි වරටත් දකුණු අප්‍රිකාවේදී 5-0 ක එක්දින තරගාවලි පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකාව අද (16 ) කේප් ටවුන්හීදී පැවැත්වෙන අවසන් තරගය හෝ ජය ගත යුතු වනවා.

දිවා රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරග හතරම ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ දුර්වලතාව විදහාපාමින් පරාජයට පත්වීම හේතුවක් මේ වන විටත් සත්කාරකයන් 4-0 ක් වශයෙන් තරගාවලියේ ශූරතාව අයිති කරගෙන ඇති අතර 2017 වසරේදීද ශ්‍රී ලංකාවට සිදුවූයේ මෙවැනිම සිදුවීමකි.

මෙම තරගය ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් එක්දින තරගය වනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියෙන් පසුව ලෝක කුසලාන කණ්ඩායම තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තු තබා සිටියත් බහුතරයක් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් අදාළ සංචිතය තේරීමට දේශීය තරගාවලියත් උපයෝගි කර ගැනීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතව ඇති අතර උද්ගතවී ඇති තත්ත්වය අනුව මෙය හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන අවසන් තරගය බවටද පත්විය හැකියි.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ලබන 19 වැනිදා කේප් ටවුන්හිදී ආරම්භ වන අතර එම තරග ත්‍රිත්වයේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ස්ටීවන් රික්ෂන් කටයුතු කරනු ලබනවා.

අද තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වශයෙන් ක්‍රීඩා කරන උපුල් තරංගට විශේෂ තරගයක් වීමටද ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

නායක ලසිත් මාලිංග පන්දුවාර පනහ එක්දින තරගවලට නායකත්වය දෙන අවසන් තරගයද මෙය වීමට ඉඩ ඇති අතර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා නායකත්වය වෙනස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තු වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *