ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (13 ) ශ්රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව මේ වන විට ටෙස්ට් තරග 27 කට සහභාගිවී ඇති අතර ශ්රී ලංකාව ඉන් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණයි.
දකුණු අප්රිකාව ඉන් තරග 14 ක් ජය ගෙන තිබෙනවා.
අවසන් වරට ශ්රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරග හතෙන් හයක්ම පරාජය වී සිටින අතර නවකයන් කිහිප දෙනෙකුම ශ්රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිනවා.
අද දිනයේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ටෙස්ට් වරම් ලැබීමේ වැඩි අවස්ථාවක් පවතින අතර ඔහු ඉකුත් මාසයේදී දේශීය පළමු පෙළ තරගයක ඉනිම දෙකේදීම ද්විත්ව ශතක වාර්තා කළා.
චමික කරුණාරත්න සමග ලසිත් ඇඹුල්දෙණිය හෝ මොහොමඞ් ෂිරාස් යන දෙදෙනාගෙන් එක් අයකුද අද ක්රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අප්රිකානු සංචිතය අත්දැකීම් අතින් පරිපූර්ණ කණ්ඩායමක් වන අතර ඔවුන්ගේ ප්රධානතම වේග පන්දු බලකාය වශයෙන් ඬේල් ස්ටේන්, කාගිෂෝ රබාඩා සහ වර්නන් පිලැන්ඩර් ක්රීඩා කරනු ලබනවා.
අවසන් වරට 2017 දී ශ්රී ලංකාව දකුණු අප්රිකාවේ සංචාරය කළ අවස්ථාවේදී පැවැති ටෙස්ට් තරග තුනම ශ්රී ලංකාව පරාජයට පත්වුණා.
2018 වසරේදී ශ්රී ලංකාවට පැමිණි දකුණු අප්රිකානුවන්ව 2-0 කින් පරාජය කර දැමීමට ශ්රී ලංකාවට හැකිවූ අතර දකුණු අප්රිකාවේදී ශ්රී රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණයි.
ඒ 2011 වසරේදී ඩර්බන් හී පැවැති ටෙස්ට් තරගයයි.
තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා පිල එම ටෙස්ට් ජය දකුණු අප්රිකාවේදී ලබා ගත්තා.
ශ්රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, විශ්ව ප්රනාන්දු, චාමික කරුණාරත්න, ලසිත ඇඹුල්දෙණිය, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ඕෂධ ප්රනාන්දු, මිලින්ද සිරිවර්ධන සහ මොහොමඞ් ෂිරාස්
දකුණු අප්රිකානු සංචිතය
ෆෆ් ඩූ ප්ලෙසිස් (නායක), හසීම් අම්ලා, ටෙම්බා බවුමා, තේනිස් ද බ්රයන්, ක්යින්ටන් ඞී කොක්, ඞීන් එල්ගාර්, කෙශෙව් මහරාජ්, අයිදින් මාක්රම්, වියන් මුල්ඩර්, ඩුඅනි ඔලිවර්, වර්නන් පිලැන්ඩර්, කාගිෂෝ රබාඩා, ඬේල් ස්ටේන් හ සුබයාර් හම්සා