බලාපොරොත්තු රැසක් මැද ශ්‍රී ලංකාව, ඉන්දීයාව සමග අද තරග බිමට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 7 වැනි තරගය අද (02) පැවත්වේ.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

වසර 12කට පසුව ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් මුබ්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී අද තරග බිමට පිවිසේ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක වංකඩේ ක්‍රීඩාංගණයේදී තරග කරන පළමු අවස්ථාව මෙයයි.

ආබාධයකට ලක් වූ ඉන්දීය ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්‍යා අද තරගයට ද එක් නොවනු ඇතැයි වාර්තා වේ.

මේ අතර ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ, අද තරගයේදී ධනංජය ද සිල්වා වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි.

සදීර සමරවික්‍රමට එක් දින ලකුණු දහස සීමාව පසු කිරීමට තවත් ලකුණු 54ක් අවශ්‍යව ඇත.

වසරක් තුළ එක් දින ලකුණු දහස සීමාව පසු කළ ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවන සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව අබිබවා යෑමට විරාත් කෝලි තවත් ලකුණු 34ක් පසුපසින් සිටි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *