පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්තාන ගුවන් සීමාව තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ නිසා, හෙට (28) ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් පාකිස්තානයේ කරච්චි නුවරට හා ලාහෝර් නුවරට සිදුකිරිමට තිබූ ගුවන් ගමන් අවලංගු කළ බව එම ආයතනය පවසනවා.
පාකිස්තානය හා ඉන්දියාව අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙසේ පාකිස්තාන ගුවන් කලාපය තාවකාලිකව වසා තැබීමට පාකිස්තානය කටයුතු කර තිබෙනවා.