සිරිපා අඩවියේ ගමකින් හමුවූ කළු කොටින්ගේ ඇත්ත කතාව – දෙන්නෙක් ඉන්න බවට ගම්මු කරන හෙළිදරව්ව (PHOTOS)

සිරිපාද අඩවියේ හුදෙකලා වූ ගම්මානයක කළු කොටියෙකු හමුවී ඇති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල නවතම පර්යේෂණයකින් තහවුරු තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් මෙම පර්යේක්ෂණ ආරම්භ කර තිබෙන අතර අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර ඇතුළු කණ්ඩායම් දෙකක් මෙහිදී දායක වී තිබෙනවා. තාක්ෂණික සහාය වෙනුවෙන් සබරගමු විශ්වවිද්‍යාලය දායකත්වය ලබා දුන්නා.

ඒ අනූව විශේෂ නිරීක්ෂණ කැමරා 8 ක් මගින් ලබාගත් රූපමය දත්ත අනූව එක් කළු කොටියෙකු සිරිපාද අඩවිය ආශ්‍රිත ප්‍රදේශයේ හමුවී තිබෙනවා. කෙසේ නමුත් ඒ ගම්මානයේ ජනතාව කළු කොටි දෙදෙනෙක් දැක තිබෙන බව මව්බිම අප අනාවරණය කළා. මීට පෙරත් කළු කොටි තිදෙනෙක් ලංකාවෙන් හමුවී ඇති අතර ඔවුන් සියලු දෙනාම මියගොස් තිබීම අවාසනාවට කාරණයක්.

කළු කොටි ප්‍රධාන විශේෂයට අයත් සත්වයින් දෙදෙනෙක් ලෝකයෙන් හමුවී ඇති නමුත් එහි උප විශේෂයට අයත් කළු කොටි දෙදෙනෙක් පමණක් ජීවත් වන බවයි වාර්තා වන්නේ. ජාන විකෘතිය හේතුවෙන් කළු කොටි බිහිවන අතර මොවුන් black ලෙපර්ඩ් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා.

සපුමල් ජයසිංහ

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.